ඔළුව බේරගෙන තීරණේ දෙන්න
විනිසුරුවරු පිට්ටනියට බහින
අලුත්ම සිස්ටම් එක - වීඩියෝ
පිතිකරුවන් සහ පිතිකරු අසල සිටින පන්දු රකින්නන් ආරක්ෂිත හිස් ආවරණ පැළදීම ක්‍රිකට් පිටියේ සාමාන්‍ය දසුනක්. එහෙත්, විනිසුරුවරයෙක් ආරක්ෂිත හිස් ආවරණ පැළඳ ක්‍රිකට් තරගයකට එක් වූ දුර්ලභ අවස්ථාවක් අද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න් රෙනගේඩ්ස් සහ පර්ත් ස්කෝචර්ස් අතර තරගය ඊයේ (30) පැවැත්වුණා.
එහි විනිසුරුවරයෙකු වූ ජෙරාඩ් ඇබූට් පිටියට පිවිසුණේ මෙම ආරක්ෂිත හිස් ආවරණයත් සමගින්. ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ දිනෙන් දින වේගවත් වන පිතිකරුන්ගේ ප්‍රහාර හේතුවෙන් විනිසුරුවන්ගේ ආරක්ෂාව අවම මට්ටමක පවතින බවයි.
මෑත කාලීනව ක්‍රිකට් පිටියේදී පන්දුව හිසේ වැදීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් ම වාර්තා වුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්වුණේ තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදීම හේතුවෙන්.
පසුගියදා අවසන් වූ ඉන්දියානු දේශීය රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ඔස්ට්‍රේලියානු විනිසුරු ජෝන් වෝඩ් පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්වුණා. ඔහු තවමත් සම්පුර්ණයෙන් සුව අතට පත්ව නොමැති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
වෝඩ් තුවාල ලැබු අවස්ථාවේ අනෙක් අන්තයේ සිටි ඉන්දියානු විනිසුරුවරයා ද ඉන් පසුව පැවැති දේශීය එක්දින තරගයකට එක් වුණේ ආරක්ෂිත හිස් වැසුමක් සමගයි.
බිග්බෑෂ් ලීග් තරගයේදී විනිසුරු ජෙරාඩ් ඇබූට් පිතිකරුවන් භාවිත කරන ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ තම රාජකාරියේ නිරත වුවත්, මේ වනවිටත් ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රිකට් බලධාරීන් විනිසුරුවන් සඳහා විශේෂිත හිස් ආවරණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
Post a Comment