‘‘හිරුණිකාට ලැජ්ජා නහරයක් නෑනේ‘‘ -
පුබුදු ජයගොඩ
මහදවල් දෙමටගොඩදී පසුගියදා තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ දැඩි අප්‍රසාදය හිමිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා රැසකදී අදහස් පළවුණු අතර ඒ අතර පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටියේ හිරුණිකාට ලැජ්ජා නහරයක්ද නැති බවයි.
ඔහු එම අවස්ථාවේ දැක්වූ අදහස් පහතින්......
පුබුදු ජයගොඩ - ප්‍රචාරක ලේකම් පෙරටුගාමී පක්ෂය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිවරණයට කලින් වැඩිපුරම කිව්ව වචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඊළගට වැඩිපුරම කිව්ව වචනය තමයි නීතියේ ආධිපත්‍යය. ඒ මහත්මිය ඒ කාලේ කිව්වේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට මට බලය දෙන්න කියලා. දැන් මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා අර සිද්ධියෙන් පස්සේ කියනවා ඒ මාධ්‍ය සාකච්ඡාව හාස්‍යජනකයි. ඒක හාස්‍යජනක ද ඛේදජනක ද කියලා වෙනම හිතන්න වෙනවානේ.
එතුමිය මාධ්‍ය සාකච්ඡාවේදී කියන්නේ පවුල් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතියෙන් සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නැහැ ඒ නිසා මම තීරණය කළා නීතිය අතට අරගෙන ඒ කියන්නේ එයා නීතිය අතට අරගෙන මිනිස්සු අත්අඩංගුවට ගන්නවා මිනිස්සුන්ගෙන් කට උත්තර ලබා ගන්නවා, මිනිස්සුන්ට දඩුවම් දෙනවා නඩු අහලා.
නීතියේ ආධිපත්‍යය ගැන කියපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. ලැජ්ජා නහරේ නෑනේ.

Post a Comment