පුතා ඇටවූ තුවක්කු උගුලට හසුවූ පියා
අවාසනාවන්න ලෙස
වෙඩි වැදී මියයයි
වන සතුන් දඩයම් කිරීමට සිය පුත්රයා විසින් මැදවච්චිය, කෑඳෑව, අළුකෙටුවැව ප්රදේශයේ කුඹුරු යායක් අසල වනයේ අටවා තිබූ බඳින කඳන් තුවක්කුවක් ක්රියාත්මක වීමෙන් හතළිස් පස් හැවිරිදි පියෙකු පෙරේදා (27 දා) මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි කලුවාගේ විපුලසේන නමැති අයෙකි. පෙරේදා (27 දා) පෙරවරු 7.45 ට පමණ ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
සිය පුත්රයා විසින් කුඹුර අසල කැලෑවේ තුවක්කුව අටවා ඇති බව නොදැන එහි ගිය අවස්ථාවේ තුවක්කුව ක්රියාත්මක වීමෙන් ඔහු වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිට ඇති අතර ඔහු මැදවච්චිය රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් ඇත.
Post a Comment