Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Elephant case anuradapura  

අනුරාධපුරය හොල්ලන් සිටි 
දැවැන්තයාගේ චන්ඩිකම් ඉවරයි - Photos

අනුරාධපුර ශ්‍රාවස්තිපුර මොරගොඩ ප්‍රදේශයේ ගම්මානයන්ට කඩා වැදී නිරන්තරයෙන් ජන ජීවිතයන්ට තර්ජනයක් වී සිටි වන අලියකු ඊයේ (19) වන ජීවි නිළධාරීන් විසින් අල්ලාගෙන තිබේ.
ශ්‍රාවස්තිපුර මොරගොඩ තේක්ක රක්ෂිතයේ දී අල්ලා ගත් වයස අවුරුදු 35 ක් පමණ වන මෙම වන අලියා මේ වන විටත්  ජාතික වනෝද්‍යානයකට මුදා හැරීමට ගෙන යාමට කටයුතු සූදානම් වෙමින් පවතියි.

ශ්‍රාවස්තිපුර මොරගොඩ ප්‍රදේශයේ තේක්ක කැළය රක්ෂිතයේ රැදී සිටිමින් ඉදි කර ඇති  විදුලි වැටද කඩා දමමින් නිරන්තරයෙන් ගම්වැදී වෙළදසැල් , නිවාස වලට හානි කර , ගොවීන්ගේ වගාවන්ද විනාශ කර ඇති මෙම දරුණු වන අලියා ප්‍රදේශයේ ජනතාවට මහත් හිසරදයක්ව පැවතිණි.
අවස්ථා කිහිපයකදීම මෙම වන අලියා පළවා හරින ලෙස ප්‍රදේශවාසීන් උද්ඝෝෂණද පැවැත්වූ අතර, ඒ අනුව දින 05 ක මෙහෙයුමකින් පසු වන ජීවි නිළධාරීන් විසින් මෙම වන අලියා අල්ලා ගෙන ඇත.අල්ලාගත් මෙම වන අලියා ජාතික වන උද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බව වනජීවි නිළධාරීන් පැවසූහ.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels