වැරදිලා දිනන්න ගිය
විශ්ව රූ රැජිණ තීන්දුව වෙනස් කළාට
නඩු දාලා
පසුගියදා ලොවපුරා කතාබහට ලක්වූ විශ්ව රූ රැජිණ 2015 තරගයේ තීන්දුවට එරෙහිව කොළොම්බියානු නීතිවේදීන් දෙදෙනකු විසින් නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තරගයේ අවසන් අවස්ථාවේදී විශ්ව රූ රැජිණ ප්‍රකාශයට පත්කිරීමේදී එම උත්සවය මෙහයවූ නිවේදකයාට සිදුවූ අත්වැරැදීමකින් කොළොම්බියාවට කිරුළ හිමිවන බවට නිවේදනය කලත් පසුව ඔහු එය නිවැරදි කරමින් කිරුළ හිමිවන්නේ පිලිපීන රූ රැජිණට බව පැවසුවා.
සිදුවූ වරදට නිවේදකයා එම අවස්ථාවේ සමාව ගත්තත් කොළොම්බියාවට හිමිවූ කිරුළ යළි පිලිපීනයට ලබාදුන් සිද්ධියට එරෙහිව ඊට දින දෙකකට පසුව කොළොම්බියානු නීතිවේදීහු මේ වන විට නීතිමය කටයුතු කරමින් සිටිති.
උපුටාගැනීම
Post a Comment