Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Gang rape in thennekumbura update  

මහනුවර කත රංචු ගැසී දූෂණය කළ කල්ලියේ 
මහමොළකරු මාට්ටු - 
4ක් කීවට 7ක් එක්ව දූෂණය කරලාලු

පසුගියදා මහනුවර තැන්නෙකුඹුර ප්‍රදේශයේදී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නියුතු කළමනාකාර සහකාර නිලධාරිනියක පැහැරගෙන ගොස් රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් සැකකරන වයස 27ක් වන හිටපු හමුදා සෙබළෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික්හින්න පොලිස් වසමට අයත් කුණ්ඩසාලේ උයන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර තරුණයා හමුදා සේවයෙන් පලා ආ අයෙක් බවට පොලිසිය සැකකරයි. විමර්ශන කටයුතු මඟින් හෙළිව ඇත්තේ සිවු දෙනකු විසින් නොව පුද්ගලයන් සත් දෙනකු විසින් මේ කාන්තාව සමූහ දූෂණයකට වරින් වර ලක් කොට ඇති බවය. මේ සිද්ධිය වූයේ ඉකුත් 12 වැනි දාය.
අතවරයට ලක්වූ කාන්තාව මේ වන විටද මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක, මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී පෙරමුණේ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී ඇල්ලෙපොළ, මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය අනෙක් සැකකරුවන් සය දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.
කමල් සුරවීර

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels