ගහේ අත්තෙන් පැනලා
කඩේට සුද්දයක් දුන්නු
වයස 7 කොලුගැටයෝ සෙට් එක
පසුගියදා බදුල්ල කැන්දගොල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු හතක පාසල් සිසුන් තිදෙනෙකු විසින් වෙළෙඳසලක් බිඳ රුපියල් හාරදහසකට වැඩි වටිනාකමින් යුතු භාණ්ඩ සොරාගෙන ඇති බවට වාර්තා වෙනවා.
ඔවුන් එකම පන්තියේ බාල වයස්කාර පාසල් සිසුන් තිදෙනකු වන අතර යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට වගබලා ගන්නා ලෙසත් මෙවැනි වැරැදි නැවත වරක් සිදු කළහොත් දැඩි දඬුවම් පමුණුවන බවටත් තරයේ අවවාද කළ බදුල්ල මහෙස්ත්රාත්වරයා පාසල් සිසුන් තිදෙනා නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ප්රකාශ කළේ මෙම සැකකාර සිසුන් තමන් පදිංචි ප්රදේශයේ වෙළෙඳසලක් අසල පිහිටි ගසකට නැඟ ගසේ අත්තක් දිගේ ගොස් වෙළෙඳසලේ වහලයට ගොඩවී වහලයෙන් වෙළෙඳසලට බැස මෙම භාණ්ඩ සොරකම සිදුකර ඇති බවයි.
වෙළෙඳසැල වසා තිබියදී සිදුකර ඇති මෙම සොරකම දැක ඇති පුද්ගලයකු ඒ බව පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව මෙම බාලවයස්කරුවන් පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ මවුපියන් සමඟ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමට පියවර ගත් බවත් එම පොලිස් නිලධාරීහු මහෙස්ත්රාත්වරිය හමුවේ වැඩිදුරටත් ප්රකාශ කළහ. මෙහිදී තමුන් අදාළ වෙළෙඳසලෙන් රුපියල් හාරදහස් එකක භාණ්ඩ සොරකම් කළ බවට පිළිගන්නේදැයි මහෙස්ත්රාත්වරිය එක් සිසුවකුගෙන් විවෘත අධිකරණයේදී විමසා සිටි අතර එම සිසුවා ප්රකාශ කළේ තමන් කළ වරද පිළිගන්නා බවයි.
Post a Comment