Dec
21
කැසිනෝ රජා සමුගනියි
ඔස්ට්‍රේලියාවේ ප්‍රකට මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් සුප්‍රකට ක්‍රවුන් සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ මෙම තීරණයත් සමග ක්‍රවුන් සමාගමේ පහත බැස තිබු කොටස්වල මිළ ද සීග්‍රයෙන් ඉහළගොස් ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
අදාළ සමාගමේ සභාපති ධුරයට පත්වී මාස 4 කට පසුව ඔහු මෙම තීරණය ගැනීම විශේෂත්වයක්. ආසියානු කලාපීය රටවල් රැසක කැසිනෝ ව්‍යාපාර හිමි ක්‍රවුන් සමාගමේ ආදායම පසුගිය මාස කිහිපය තුල පහත බැස තිබුනා.
ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන බවට ද ජේම්ස් පැකර් මීට පෙර ප්‍රකාශකර තිබුනා. ඒ හේතුවෙන් ලංකාව තුල නිර්මාණය වුයේ දැඩි මතබේදාත්මක තත්වයක්.
නිවේදනයක් නිකුත් කරමින් ජේම්ස් පැකර් අද සිය ඉල්ලා අස්වීමේ තීරණය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඔහු ක්‍රවුන් සමාගමේ ඩොලර් බිලියන 9 ක වටිනාකමින් සියයට 53 කට හිමිකම් කියනවා.
කෝටිපති ව්‍යාපාරිකයා සිය තීරණයට හේතුවක් මෙතෙක් නිශ්චිතව හෙළිකර නැහැ. කෙසේවෙතත් සිඩ්නි / මෙල්බර්න් සහ ලාස් වේගාස් නගරවල සංවර්ධන ව්‍යාපෘති රැසකට සිය ශක්තිය යෙදවීමට අපේක්ෂා කරන බව ජේම්ස් පැකර් ප්‍රකාශකර තිබෙනවා.
Post a Comment