පියයුරු සැත්කම වැරැද්දූ
දොස්තරට වැඩ වරදින ලකුණු
කළුතර - නාගොඩ රෝහලේදී කාන්තාවකගේ වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ගොස් වැරදි ශල්‍යකර්මයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මී සෝමතුංග, අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සහ විමර්ශන අංශයේ සහකාර ලේකම්වරයා මෙම ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු කරනු ඇති.
කළුතර නාගොඩ රෝහලේ අධ්‍යක්ෂවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් වාර්තාව අධ්‍යයනය කර තමන් වෙත වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.
උපුටාගැනීම
උපුටාගැනීම
Post a Comment