කිලෝමීටර් ගානක් කැලේ බලෙන් අල්ලන් හිටි
කැලෑ පාළුවන්ට අන්තිමේදී
යන්න වුණු හැටි - වීඩියෝ
මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනානි සහ නාවල්අඩි ප්‍රදේශවල බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්, යළි එම දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. ඒ, වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි.
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි මෙම ඉඩම් අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.
මඩකලපුව පූනානි සිට නාවල්අඩි දක්වා කිලෝමීටර් 28 ක් පමණ කොටසක පර්චස් 20 බැගින් වූ ඉඩම් කොටස් 2000 ක් පමණ දින කිහිපයක සිට කිසියම් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් සිටින බව හිරු නිව්ස් විසින් අනාවරණ කළා.
දිඹුලාගල මහාකාශ්‍යප පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන්ද අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ ඇති වූයේ උණුසුම් සංවාදයක්..
නියෝජ්‍ය පරිවේණාධිපති හිමියන් සදහන් කලේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතාගේ මැදිහත් වීමෙන් මෙම ඉඩම් අත්පත්කර ගැනීම සිදු වන බවයි.
‘‘ඒ මිනිස්සුන්ගෙන් විමසා සිටියා කොහොමද මේ වන සංරක්ෂණ භූමියට ඇතුළු වුණේ කියලා. ඒ අය කියනවා අපිට අමීර් අලි ඇමතිතුමා උපදෙස් දුන්නා පර්චස් 20 ගානේ අල්ලන්න. මෙයාල බොහොම විනාශයක් කරන්නේ. ‘‘
මෙම අනාවරණයෙන් පසු බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති පිරිස ඉවත් කිරීම සදහා කෝරලේපත්තුව උතුර ප්‍රාදේශීය ලේකම්වරිය, වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබුණා.
ඉන් අනතුරුව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් එම ප්‍රදේශයට පැමිණියේ ඒවායේ සිටි පිරිස් ඉවත් කිරීම සදහායි.
ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුණා. ඉඩම් වෙන් කිරීම සදහා ඉදිකර තිබූ මායිම් කණු ඉවත් කිරීමටද එම නිළධාරීන් එම අවස්ථාවේ පියවර ගනු ලැබුවා.
Post a Comment