Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Lotus tower construction will be completed on 2017  

2017 නෙළුම් කුළුණේ වැඩ ඉවරයිලු

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉදිකෙරෙමින් පවතින නෙළුම් කුළුණේ වැඩකටයුතු ලබන 2017 වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට අවසන් කිරීමට නවතම සැලසුම්වලින් අපේක්ෂා කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

පසුගිය කාලයේ එහි ඉදිකිරීම් කටයුතුවලට පැවති බාධා මේ වනවිට සමථයකට පත්කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන කියා සිටියේ. 


ඒ අනුව ලබන ජනවාරි 31 වනදා වනවිට නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම අදාළ නව සැලසුම් ලබාදීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට නෙළුම් කුළුණ අභ්‍යන්තරයේ සිදුකරන ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර, එහි බාහිර කටයුතු ලබන ජනවාරියේ ආරම්භ කෙරෙනු ඇති. 

ඒ සඳහා අවශ්‍ය උපකරණ මේ වනවිට මෙරටට ගෙනවිත් ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ. 


මීටර් 350 ක් උසැති නෙළුම් කුළුණ ඉදිකිරීමෙන් අනතුරුව දකුණු ආසියාවේ උසම ඉදිකිරීම වනු ඇති.

උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels