Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Stone to death sri lankan women in saudi update  

සෞදියේ මරණ දඩුවම ලද අය අතර
ලාංකිකයන් නෑලු

සෞදි අරාබියේ මරණ දඩුවම නියම කර ඇති පුද්ගලයන් 50 දෙනෙකු අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොසිටින බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් තහවුරු කළා.  ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමග රියාද් නුවර සිට දුරකථන සාකච්ඡාවකට එක්වෙමින්.  

කෙසේ වුවත් සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී ඇතැයි වාර්තාවන ශ්‍රී ලාංකික කාන්තාව රඳවා සිටින බන්ධනාගාරය වෙතද හෙට දිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. 

ඒ, අදාළ කාන්තාව මුණගැසී ඇය මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.  අනියම් සබදතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වරදකාරිය වීම නිසා ගල් ගසා මරාදැමීමට නියම වූයේ මරදාන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු මවකටයි. 

මෙම කාන්තාව සම්බන්ධයෙන් සෞදි රජය වෙත අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. 


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels