බඩේ අමාරුවට රෝහලට ගියාම
කුලියාපිටියේ 15 හැවිරිදි දැරියට
දරුවෙක් ලැබිලා
මෙයට මාස අටකට පමණ පෙර නිවසින් අතුරුදන් වූ පහළොස් හැවිරිදි දැරියක් කුලියාපිටිය මූලික රෝහලේ දී බඩේ අමාරුවක් යෑයි පවසා දරුවෙක් ප්‍රසූත කර ඇති පුවතක් වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් දැරියගෙන් ලද තොරතුරු මත දන්කොටුව පොලිසියට දැනුම් දීමෙන් පසු ඉහළ දුම්මලකොටුවේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙක් දන්කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේක දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා විසින් මෙම මස 27 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
කසිප්පු පෙරමින් දැරියගේ නිවස අසලම පදිංචි වී දැරියගේ මවුපියන් සමඟ මිතුරු වී සිටි සැකකරු දෙමාපියන් නිවසේ නොමැති අවස්‌ථාවලදී නිවසට ගොස් වරින් වර දැරියට අතවර කර ගැබිනියක් වූ පසු කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක නවතා සිටියදී දරු ප්‍රසූත සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළු කර තිබේ.
Post a Comment