පාකිස්ථානෙන් ඇවිත් කැලිෆෝනියාවේ
14ක් අමු අමුවේ මැරූ
ISIS කපල් එක - Photos
පුද්ගලයන් 14 දෙනෙකු මරුමුවට පත් කරමින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ පසුගිය දා වාර්තා වූ වෙඩි තැබීම සිදුකළ යුවළ අයි.එස්. සම්බන්ධතා සහිත අය බවට තොරතුරු හෙළි වෙමින් පවතිනවා.
පාකිස්තාන සම්භවයක් සහිත සෙයිඩ් රිස්වාන් ෆාරුක් සහ තෂ්වීන් මලික් යන යුවළ ලොස්ඇන්ජලිස්, සැන් - බර්නාඩිනෝ හිදී සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මොවුන් අතුරෙන් තෂ්වීන් මලික් තම ෆේස්බුක් වෙබ් පිටුවේ අයි.එස්.සංවිධානයේ නායක අබු - බකර් අල් - බග්ඩාඩිට සහාය පළ කර තිබූ බව සදහන්. මේ අනුව මෙම සිද්ධිය ත්රස්තවාදී ක්රියාවක් ලෙස සලකා පරීක්ෂණ පැවැත්වීමටයි ඇමරිකානු එෆ්.බී.අයි. ආරක්ෂක සේවාව තීරණය කර ඇත්තේ.
මොවුන්ගේ නිවහන පරීක්ෂාවට ලක් කිරීමේදී ගිනි අවි, උණ්ඩ වට දහස් ගණනක් සහ බෝම්බ නිපදවීමේ උපකරණ ද සොයා ගැනුණා.
උපුටාගැනීම
Post a Comment