ඇල්ලේ කොල්ලාගේ සම්බාහනේට ගිය
ඕස්ට්‍රේලියන් කෙල්ලව
වැඩියෙන් අල්ලලා
32 හැවිරිදි පුද්ගලයෙකු විසින් සම්බාහන ආයතනයකදී විදේශික කාන්තාවකට ලිංගික අතවරයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන තිබෙනවා. ඒ නිසාවෙන් සැකකරුට රුපියල් 1,500ක දඩයක් හා මාස තුනක සිරදඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
කාන්තාව පසුගිය ඉරිදා සම්බාහන ආයතනයකට ගිය අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා. ඇය විසි හැවිරිදි වියේ පසුවන අතර ඇගේ පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරක නිවහනක නැවතී සිට මේ සම්බාහන ආයතනයට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.උපුටාගැනීම
Post a Comment