අවුරුද්දට සෙත් පතන්න ගිහින්
නොඑන ගමන් ගිය සිසුවා - Photos
නොර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් අටිලිස් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ඊයේ (31) ප්‍රපාතයකට වැටී මියගොස් ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් අටිලිස් ප්‍රදේශයේම පදිංචි නොර්ටබ්රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලයේ මෙවර කලා අංශයෙන් උසස් පෙළ විෂය හැදැරිමට සූදානමින් සිටි ප්‍රදීප් මධුශංක නැමැති අවුරුදු දහඅටක (18) පාසල් සිසුවෙකි.
නව වසරට සෙත් පතා අටිලිස් ප්‍රදේශයේම පැවැති පිංකමකට සහභාගි විම සඳහා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග යන අවස්ථාවේ නොර්ටන්බ්‍රිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අටිලිස් ප්‍රදේශයේම ඊයේ රාත්‍රී 7.00 ට පමණ මෙම පාසල් සිසුවා ප්‍රපාතයට වැටි ඇති බවයි නොර්ටනබ්රිජ් පොලිසිය පවසන්නේ.
මිතුරන් එක්වි ප්‍රපාතයට වැටුණූ පාසල් සිසුවා ගොඩ ගෙන වටවල රෝහලට ඇතුලත් කරන අවස්ථාවෙත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ. මියගිය පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතය.
Post a Comment