හලාවත පොල් වත්තකින් මතුවුණු
බුම්මන් ඉන්න අමුතු බකමුණා - Photos
හලාවත පම්බල ප්‍රදේශයේ පොල් වත්තකින් අසාමාන්‍ය විශාලත්වයකින් යුතු බකමුණෙකු හමුවී තිබෙනවා. ඊයේ (21) පෙරවරුවේ මෙම බකමුණා හමුවු බවයි පොල්වත්තේ සේවකයකු ප්‍රකාශ කලේ.
අත්තටු දිගු කල විට අඩි 4 කට වඩා වැඩි විශාලත්වයකින් යුත් මෙම පක්ෂියාගේ බර කිලො 4 කට ආසන්නයි.
මෙම සත්වයාගේ මුහුණ සාමාන්‍ය බකමුණෙකුගේ ලෙස දක්නට ඇති අතර ඇස් කහ පැහැයෙන් යුක්ත වනවා. කරුවලගස්වැව වනජීවී කාර්යාල නිලධාරීන් සඳහන් කලේ මෙම පක්ෂියා අටු බකමුණෙකු වියහැකි අතර එම විශේෂය ඉතා දුර්ලභ බවයි.
මෙම අසාමාන්‍ය විශාලත්වයකින් යුත් බකමුණා ආනවිලුන්දාව වනජීවී කාර්යාලයට භාරදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම අසාමාන්‍ය විශාලත්වයකින් යුත් බකමුණා ආනවිලුන්දාව වනජීවී කාර්යාලයට භාරදීමට පියවර ගෙන තිබෙනවා.
Post a Comment