මව් කිරි රස බැලූ පුංචි මල් කැකුළ
නිදි පැදුරේදීම ලොවට සමුදෙයි
මව්කිරි උගුරේ හිරවිම නිසා දින 58 ක් වයසැති බිළිදෙකු නිදිපැදුරේ මරණය පත්ව තිබෙන සෝචනීය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. දඹුල්ල ජනකමිණිපුර දී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරවි ඇත්තේ ඩබිලිවි.ඩී.එමි.ගයාන් මධුසංක දිසානායක යන බිළිදාය.
මෙහිදි කරනලද පොලිස් පරික්ෂණයේදි මෙම දරුවාගේ මවවන ඊ.එමි.කුමාරි ඒකනායක පවසා ඇත්තේ දරුවාට මැදියම් රැයේදි කිරි දිමෙන් පසු තමන්ද නින්දට ගිය බවයි.
පසුව අළුයම දරුවාට නැවතත් කිරිදීමට සිතා බලනවිට දරුවා කිසිදු සෙලවීමකින් තොරව සිටි බව ඇය පැවසීය.
අනතුරුව දඹුල්ල මූලික රෝහලෙහි වෛද්‍ය ගාමිණි සේනානායක විසින් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා ඇති අතර මෙම මරණය කිරි උගුරේ හිරවීම නිසා ශ්වශන පද්ධතිය අක්‍රියවීමෙන් සිදුවි ඇති බවට නිගමනය කලේය.
Post a Comment