Dec
31
එයාර්පෝට් එක ළඟ සෙල්ෆි ගන්න ගිහින්
ලොරියකට යටවුණු
තරුණ ජීවිත දෙක - වීඩියෝ
තුර්කියේදී සෙල්ෆි ගැනීමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙකු ලොරියකට යටවීමෙන් මියගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ මැද සිට ගොඩබස්වමින් තිබු ගුවන්යානයක් සමග සෙල්ෆි ගැනීමට උත්සාහ කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
ගුවන්තොටුපලක් අසල පිහිටි මහා මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙනවා. 17 හැවිරිදි සහ 19 හැවිරිදි මෙම පිරිමි ළමුන් දෙදෙනා තවත් ළමුන් 3 දෙනෙකු සමග විනෝද චාරිකාවක් යමින් සිටියදීයි සෙල්ෆි ගැනීමට සුදානම් වී ඇත්තේ.
එම අවස්ථාවේ පැවති අඳූරු වාතාවරණය හමුවේ ලොරි රියදුරාට මෙම පිරිස නොපෙනීම හමුවේ ඔවුන් ඊට යටවී ඇතැයි සඳහන්. මෙම ළමුන් අනතුර සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.
Post a Comment