තමන්ට පාඩුවේ ඉන්න නොදී
ඇඟපත අල්ලනවැයි කැම්පස් නංගිලා
අයියලාට එරෙහිව උසාවි ගිහින්
ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියන් 444ක් මහාධිකරණයකට පෙත්සමක් ඉදරිපත් කර තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන් සහ භාහිර පුද්ගලයින් - සිසුවියන් අපයෝජනයට ලක් කරන බවයි ඉන් දක්වා ඇත්තේ.
සිසුවියන් දුෂණයට ලක්වන බවත්, සිසුන්ගේ ලිංගික ආශාවන් වෙනුවෙන් සිසුවියන්ට කැප කිරීම් කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වාදී තිබෙනවා. සිසුන්ගේ ඉල්ලීම්වලට අවනත නොවන සිසුවියන් පැහර ගැනීම් වලට ලක්වන බවද පැවසෙන අතර එලෙස පැහැර ගෙන යන්නේ භාහිර පුද්ගලයින් විසිනි.
මෙලෙස අධිකරණයේ පිහිට පතන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කලිකට් ප්‍රදේශයේ විශ්ව විද්‍යාල සිසුවියන්.
2012 වසරේ දෙසැම්බර් 16 වනදා සමුහ දූෂණයට ලක් වූ නවදිල්ලියේ 23 හැවිරිදි - විශ්ව විද්‍යාල සිසුවියක වන 'නිර්භයා' දින 13කට පසු මියගියා.ඉන් වසර 3කට පසු මෙලෙස විශ්ව විද්‍යාල සිසුවියන් නීතියේ පිළිසරණ ඉල්ලා තිබෙන්නේ.
2012 වසරේදී ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම කතාබහට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධයෙනුයි. ඇයට සිදුවූ අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් දහස් ගණනක් ජනයා වීදි බැස උද්ඝෝෂණ සිදුකරන්නට වුණා.
එරට රජයේ නීති පවා වෙනස් කරන්නට තරම් මෙම සිදුවීම ලැව් ගින්නක් සේ ඇවිලී ගියා. නමුත් එරට මාධ්‍ය මෙන්ම පොලිසිය විසින් ඇයගේ නම හෝ ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට වගබලාගත්තේ ඇයගේ නමට මෙන්ම දෙමාපියන්ට සිදුවන අපහසුතාවයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙනුයි.
කෙසේ නමුත් සිද්ධියෙන් වසර 3ක් ගෙවී ගිය පසුගිය 16වන දා - ප්‍රථම වරට තරුණියගේ නම මාධ්‍යට අනාවරණය කරන්නට ඇයගේ මව කටයුතු කර තිබුණා. ඒ ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයකදී මාධ්‍යට අදහස් දක්වමින්...
ඇයව මුලින් හඳුන්වා තිබුණේ 'නිර්භයා' සහ 'ඉන්දියාවේ දියණිය' වැනි අන්වර්ථ නාමවලින්.
නමුත් මව සඳහන් කර ඇත්තේ තමන්ගේ දියණියගේ සැබෑ නම 'යෝති සිං' බවයි. වසර 3ක් පමණ සඟවා සිටි සිය දියණියගේ නම ලොවට කීමට තමන් දැන් බය නැති බව ඇය එහිදී පවසා තිබුණා.
ඇයගේ මරණයෙන් බොහෝ කළකට පසුවයි ඡායාරූපයක් පවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 4 දෙනෙකුට ඉන්දීය අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන් අතර ඒ අතරට බාලවයස්කාරයෙකුද වනවා.
ඉන්දියාව තුල මෙම සිද්ධිය නිසාවෙන් දැඩි නීති පනවන්නට රජය කටයුතු කළා සේම මේ වන විට එරට තුළ කාන්තා හිංසන විරෝධි කටයුතු වලට එරෙහි කණ්ඩායම් රැසක් බිහිව තිබෙනවා.
මේ සියල්ල අතර සැළකිය යුතු කාන්තාවන් ප්‍රමාණයක් දිල්ලි නගරය තුළ මෙන්ම ඉන්දියාව පුරා තවමත් නොදැනුවත්ව හෝ දැනුවත්ව දූෂණය වන බවටයි වාර්තාවෙන්නේ.
උපුටාගැනීම
Post a Comment