පිටේ ටැටූ ගහපු නුවර ගේම්කාරයා
කඩේ කඩලා බඩු උස්සද්දි
පොලිසියේ අතටම මාට්ටු වුණු හැටි - CCTV දර්ශන
අපරාධ සිද්ධීන් 32ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු පිළිමතලාවේ ඖෂධ අලෙවිසැළක් කොල්ලකමින් සිටියදීයි.
පොලිස් නිලධාරීන් සැකකරු අත්තඅඩංගුවට ගන්නා ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. අදාළ සැකකරු මුදල් හා භාණ්ඩ සොරා ගැනීම සදහා පිළිමතලාව නගරයේ ඖෂධ අලෙවිසැළකට ඇතුළුවන්නේ පසුගිය 26 වැනිදා අලුයම් කාලයේදී.
රාත්රී මුර සංචාරයේ යෙදී සිටින පොලිස් නිලධාරීවරයෙකුට එම වෙළදසැල අසළ නවතා තිබූ රථයක් පිළිබද සැක මතු වී එය පරීක්ෂා කිරීමේදී ඉබි යතුරු කිහිපයක් හමුව තිබෙනවා.
ඒ ආසන්නයේ වූ ඖෂධ අළෙවි සැළ ඉබි යතුරු කඩා විවෘත කර ඇති ආකාරය දුටු පොලිස් නිලධාරියා තවත් නිලධාරීන් කණ්ඩායමක් කැඳවා එයට ඇතුළු වන්නේ ඉන් අනතුරුවයි.
පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නා ආකාරය වෙළෙදසැලේ සවිකර තිබූ සිසීටීවි කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.
එඅදාළ සැකකරුට මහනුවර පොලිස් බල ප්රදේශයේ පමණක් නඩු 32ක් පවතින බව පොලිසිය පවසනවා.
සැකකරු මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා
Post a Comment