කළුතර පැත්තේ මිනියක් පුච්චනකොට
ආදාහනාගාරය පුපුරයි
කළුතර - වළල්ලාවිට - මීගහතැන්න ආදාහනාගාරයේ මෘතශරීරයක් ආදහනය කරන අතරතුර එහි පිපිරීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, එමඟින් ආදහනාගාරයට පමණක් හානිවී ඇති බවයි.
සිරුර ආදහනය කිරීම ආරම්භවන අවස්ථාවේදී පිපිරුම් දෙකක් එම කුටිය තුලින් ඇසුණු බවයි අවට සිටි පුද්ගලයන් පොලීසියට ප්රකාශ කර ඇත්තේ.
පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ආදහනගාරයේ ගෑස් ටැංකියක් පුපුරායාමෙන් මෙය සිදුව ඇති බවයි. කෙසේ වෙතත් ආදහනාගාරය අක්රීයවීම නිසා මෘතශරීරය භූමදානය කිරීමට පියවර ගෙන තිබෙනවා.
වළල්ලාවිට ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපති නාලක සමරවික්රම සඳහන් කළේ මේ පිළිබඳව පරික්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි.
උපුටාගැනීම
Post a Comment