Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Search operation for mother and son in Nilawala River halted  

පවුලේ අවුල නිසාදෝ 
මාතර නිල්වලාවේ සැඟව ගිය 
මව් පුතු සෙනෙහස

මාතර - මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන්න බවට සැක කරන මවක් සහ පුතෙකු සොයා පොලීසිය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් ඊයේ (24) මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
ඊයේ (24) දහවල් සිට පැය 05 කට ආසන්න කාලයක් අදාළ මෙහෙයුම දියත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් නිල්වලා ගඟට පැන ඇත්තේ රාත්‍රියේ බවටයි පොලිසිය සැකකරන්නේ.

අදාළ කාන්තාවගේ අත්බෑගයක් සහ පාවහන් යුගලයක් පාලම මත තිබී   පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමකට අනුවයි.  මෙම කාන්තාවගේ වයස අවුරුදු 35 ක් වන අතර පුතාගේ වයස අවුරුදු 10 ක්. ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ඇය දීර්ඝ කලක සිට කළකිරීමෙන් සිට ඇති බවටයි.  පොලිසිය කළ දැනුම්දීමකට අනුව මෙම කාන්තාවගේ ඥාතීන් පිරිසක් මාතර පොලිස් ස්ථානයට පැමිණ තිබුණා.

එහිදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.  මෙම කාන්තාව කළුතර ප්‍රදේශයේ ඇයගේ වැඩිමහල් සහෝදරියගේ නිවසේ සිට පැමිණ ඇති බවටයි ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels