මරාගෙන මැරෙන්න ආව තිදෙනෙක්
ජීවිත 27ක් බිලිගනී -
80කට තුවාල
මරාගෙන මැරෙන බෝම්බකාරියන් තිදෙනෙකු චැඩ් රාජ්‍යයේ Lake Chad හි Koulfoua දුපතේ දී එල්ල කල ප්‍රහාරයකින් පුද්ගලයින් 27ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. තවත් 80කට ආසන්න පිරිසක් ඒ මගින් තුවාල ලබා සිටිනවා.
හදිසි තත්වයක් ප්‍රකාශ කළ බලධාරීන් පවසන්නේ බොකෝ හරාම් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රහාරය කිසිවෙක් මේ දක්වා භාරගෙන නැහැ.
නයිජීරියානු ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් සන්නද්ධ පිරිස් - වසර 6ක අරගලයේ දී මෙම කලාපයේ 20,000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන අතර මිලියන 2.5 පමණ පිරිසකට උන්හිටි තැන් අහිමිකර තිබෙනවා.
Chad වැව කලාපය - චැඩ්, කැමරොන්, නයිජර් සහ නයිජීරියාව මායිම් කරගෙන පිහිටි ප්රදේශයකි. වර්ග කිලෝමීටර 1350ක පමණ ප්‍රදේශයක වැව් ජලය විහිදී ඇති අතර දූපත් රාශියකි.
Lake Chad හි දුපත් රැසක කැළෑබද ප්‍රදේශ අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.
උපුටාගැනීම
Post a Comment