ගිනියම් වූ අනියම් පෙමින්
කැළැවක් තුළ ත්රී රෝද රථයකදී
ලොවට සමුදුන් යුවල - Photos
උහන හිමිදුරාව කොණ්ඩුවාව වැව් ඉස්මත්තේ කැලෑබද ප්රදේශයේ ත්රී රෝද රථයක තිබී යුවළකගේ මළ සිරුර හමුවී තිබෙනවා. අද පෙරවරුවේ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිරුරු සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙම යුවළ වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළකරනවා. මෙම ස්ථානයේ තිබී වස බෝතල් 2 ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක පිරිමි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි කාන්තාවක බවයි.
මියගොස් සිටි පිරිමි පුද්ගලයා අම්පාර අභයපුර පදිංචිකරුවෙකු වන අතර, කාන්තාව කොළොන්නාව මුල්ලේරියාව ප්රදේශයේ පදිංචිකාරියක බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම යුවළ අතර අනියම් සබඳතාවක් තිබී ඇති බවට ද කරුණු හෙළිවී ඇතැයි සඳහන්. මළ සිරුරු දෙක එම ස්ථානයේම ඇති අතර මහේස්ත්රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
Post a Comment