Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Hoppers price in katharagama  

කතරගම ආප්ප උඩ ගිහින්

පසුගිය සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් සමඟ කතරගම වැඳ පුදාගැනීම සඳහා ගිය ජනතාවට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසැල් හිමියන් සොයා කතරගම පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා

එම වෙළඳසැල් හිමියන් පිළිබඳව තොරතුරු දන්නේ නම් වහාම දැනුවත් කරන ලෙස කතරගම පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.

පසුගිය සති අන්තයේ යෙදී තිබුණු දීර්ඝ නිවාඩුවත් සමඟ කතරගම වැඳ පුදාගැනීමට අතිවිශාල ජනකායක් පැමිණීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් එම පැමිණ සිටි ජනතාවට වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තාවුණා.

ඒ අතර විශේෂත්වයක් වනුයේ රුපියල් 10ත් 15 ත් අතර මිලක පවතින ආප්පයක් රුපියල්  40 ත් 50 ත් අතර මිලකට අලෙවි කිරීමයි.

මේ අතර සිසිල් බීම බෝතල් සහ පානීය ජල බෝතල්ද වැඩිමිලට අලෙවි කර ඇති බවයි වාර්තාවන්නේ.

කතරගම පූජා භූමිය අවට ප්‍රදේශවල නිවාඩු නිකේතන 300 ක් පමණ පිහිටා තිබෙනවා.

ඇතැම් නිවාඩු නිකේතන හිමිකරුවන් පසුගිය දින කිහිපය පුරා කතරගමට පැමිණි ජනතාවට වැඩි මිලට ඒවා ලබාදී ඇති බවද පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.

එමෙන්ම වැඩි මිලට නිවාඩු නිකේතන සැපයීම සම්බන්ධයෙන්ද කතරගම පොලීසියට තොරතුරු වාර්තාවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම සහ නිවාඩු නිකේතන ලබාදුන් පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels