2016 වසර පටන්ගද්දිම
ලොව උසම ගොඩනැගිල්ල ළඟින් ගින්නක් - වීඩියෝ
ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා (Burj Khalifa) ආසන්නයේ පිහිටි මහල් 63ක සුපිරි හෝටලයක් ගින්නකට හසුවෙයි. ඒ හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇත.
ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදී විසිවැනි මහලේ ගින්න හටගත් බවයි පැවසෙන්නේ. ගිනි දැල් අඩි 300ක් පමණ උසට පැතිර ගොස් තිබුනා.
කෙසේ වෙතත් ගින්න පාලනය කෙරුණු අතර ගින්න හට ගැන්මට හේතුව අනාවරණ වී නැහැ. නව වසර උදාව සැමරීම සඳහා අතිවිශාල පිරිසක් මේ වන විටත් ඩුබායි නුවරට රැස්ව සිටිනවා.
Post a Comment