Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Poor family in hunganwela needs your help  

දහසක් බලාපොරොත්තු පොදි බැඳන් 
ගරාවැටුණු නිවසක ජීවිතය සොයන 
යොවුන්විය - Photos

මාධවි කෂ්මිලා උදයන්ගි .... 19 හැවිරිදි ඈ  නාඋල  හුංගන්වෙල ප්‍රදේශයේ පදිංචිව සිටින්නේ රෝගී නැගණියක් ද සමගයි.  

සිය පියා ද   යුද හමුදාවේ සේවය කරන අතරතුර ඇතිවු රෝගි තත්ත්වයක් හේතුවෙන් හමුදාවෙන් ඉවත්කර ඇත.  මැණියන්ටද  එදිනෙදා හරි හම්බ කර ගැනීමට සිදුව ඇත්තේ පවුලේ අසරණභාවය හේතුවෙන්. 


12 හැවිරිදි එකම නැගණිය  නවෝද්‍යා කල්පනී  හදුනා නොගත් රෝගයකින් පෙළෙන  බව ඇය පවසයි. නැගණිය  මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබේ.  

‘‘ අවුරුදු දහනවයක් තිස්සේ අපි ජිවත්වෙන්නේ මේ ගෙදර..පාඩම් කලේ ඉස්කෝලේ  ගියේ මේ ගෙදර ඉදන්.... මගේ නංගිට පපුවේ විශබීජයක් කියලා මාස ගානක් ඉස්පිරිතාලේ .....


මටත් නංගිටත් ඉගනගන්න ලොකු උවමානාවක් තියෙනවා...  මේ කඩාවැටුන ගෙදරට වෙලා අපි පාඩම් කළා.... මම උසස් පෙළ ලියලා දැන් ඉන්නේ ගෙදර.... මට තවත් ඉගෙන ගන්න ආසයි. එත් අඩුපාඩු ගොඩයි. මගේ අප්පච්චිට හරිහමන් රැකියාවක් කරන්න බෑ....අම්මටත් ස්ථිර රැකියාවක් නෑ....’’

ගරා වැටුණු නිවසේ සිට ඇය එලෙස සඳහන් කරයි. ඇයගේ නිවසට කිසි දිනක විදුලි බුබුලක එලියක් වැටී නැත. ජල කරාමයකින් ජල පොදක් ලැබි නැත.

ආදරනීය පියා වන ඒ.එම්. නිහාල් යාපා බණ්ඩාර  හා මව  බී. එස්. සුනේත්‍රා කුමුදුනිට  මැදිවු මේ දැරිවියන් දෙදෙනා හෙටක් පිළිිබද  සිහින දකිති.

(ඡායාරූප සහ සටහන - ඉන්දික අරුණ කුමාර - නාඋල, වැඩි තොරතුරු 072 - 3133252 / 071 400 1559 )







උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels