Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Stone to death sri lankan women in saudi update  

ගල් ගසා මරන්න නියම වූ 
ලංකාවේ කාන්තාව බලන්න නියෝජිතයින් යයි

සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියමවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව සහ කස පහර ලබාදීමට නියමිත ශ්‍රී ලාංකික තරුණයාගේ සුවදුක් විමසීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, එහි නියෝජිතයන් තිදෙනෙකු ඊයේ ඔවුන් රදවා සිටින බන්ධනාගාරයට ගොස් සුවදුක් විමසා ඇති බවයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් ප්‍රකාශ කළේ. 


මීට  විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු සහ තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයෙකු එක්ව සිටියා. කෙසේ වෙතත් ගල් ගසා මරා දැමීමට නියමිත ශ්‍රී ලාංකික කාන්තාව සහ අදාළ තරුණයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙම ශ්‍ර‍්‍රී ලාංකිකයන් දෙදෙනා නිදහස් කර ගැනීම සදහා ලක් රජය ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ඔහු තවදුරටත් සදහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය , ශ්‍රී ලංකාවේ සෞදි අරාබියේ තනාපති කාර්යාලය හරහා සෞදි රජු වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙම කාන්තාව සැමියාට රැකියාවක් නොමැතිවීම සහ දරුවන් ජීවත් කිරීමට ක්‍රමයක් නොමැතිවීම හේතුවෙන් විදේශගතව ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ. සෞදි අරාබියේ නීතිය පිළිබඳව නොදැනුවත්භාවය හේතුවෙන් මෙම කාන්තාව අතින් මෙවැනි වරදක් සිදුව ඇති බවත්, ඒ නිසා ඇයව මෙම දඩුවමින් නිදහස් කරන ලෙසත් මෙම ලිපිය මගින් සෞදි රජුගෙන් ඉල්ලා තිබෙනවා.

අනියම් සබදතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ගල් ගසා මරා දැමීමට නියම වූයේ මරදාන ප්‍රදේශයේ පදිිංචි 45 හැවිරිදි දෙදරු මවකටයි.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels