රෑ අයියගේ ගෙදර ටීවී බලන්න ගිහින්
එනගමන් කාමාතුරයෙකුට බිලිවූ දැරිය
හලාවත කරවිටාගාර ප්රදේශයේදී 13 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය සෑම දිනකම රූපවාහිනිය නැරඹීම සඳහා සිය සොහොයුරාගේ නිවසට යන බව සඳහන්.
එලෙස රූපවාහිනිය නරඹා රාත්රියේ යළි පැමිණෙමින් සිටියදී ඇය අතවරයට ලක්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
3 හැවිරිදි දැරිය මෙම සිද්ධිය පිළිබඳ ග්රාම සේවක නිලධාරියා මාර්ගයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා. අතවරය පිළිබඳ තම මවට හෙළි කිරීමෙන් විසඳුමක් නොලැබෙනු ඇතැයි යන මතයෙනුයි ඇය ග්රාම සේවක නිලධාරියා මාර්ගයෙන් පොලිසිය දැනුවත් කරනු ලැබ ඇත්තේ.
දැරිය රූපවාහිනිය නරඹා පැමිණෙමින් සිටියදී ලිංගික අතවර කල සැකකරු දැරියගේ නිවස ආසන්න ප්රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment