Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Dec 31

2016 ඉඳන් අතට එන අංක 12ක අලුත් ID එක

ඉලක්කම් 12 ක් සහිතව නිකුත් කෙරෙන නව ජාතික හැඳුනුම්පත ප්ලාස්ටික් කාඩ්පතක මුද්‍රණය කිරීමට අද සිට සැලසුම් කර තිබෙනවා.  නව හැඳුනුම්පත ප්‍රථමයෙන් මුද්‍රණය කෙරෙන්නේ පවතින ක්‍රමවේදයටයි. 

පෙබරවාරියේ සිට එය ප්ලාස්ටික් කාඞ්පතක මුද්‍රණය ආරම්භ කිරීමටයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.


දැනට නිකුත් කෙරෙන හැඳුනුම්පත ලැම්නේට් කිරීමට දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.

ඒ අනූව නව හැඳුනුම්පතේ ක්‍රමවේදයට අනූව සියලුම පරිඝණක යාවත්කාලීන කරන්නැයි සියලුම බැංකු සහ රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන් බවද පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කලා.

උපුටාගැනීම

Dec 31

අවුරුද්දට සෙත් පතන්න ගිහින් 
නොඑන ගමන් ගිය සිසුවා - Photos

නොර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් අටිලිස් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ඊයේ (31) ප්‍රපාතයකට වැටී මියගොස් ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. 
මෙසේ මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් අටිලිස් ප්‍රදේශයේම පදිංචි නොර්ටබ්‍රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලයේ මෙවර කලා අංශයෙන් උසස් පෙළ විෂය හැදැරිමට සූදානමින් සිටි ප්‍රදීප් මධුශංක නැමැති අවුරුදු දහඅටක (18) පාසල් සිසුවෙකි. 

නව වසරට සෙත් පතා අටිලිස් ප්‍රදේශයේම පැවැති පිංකමකට සහභාගි විම සඳහා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග යන අවස්ථාවේ නොර්ටන්බ්‍රිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අටිලිස් ප්‍රදේශයේම ඊයේ රාත්‍රී 7.00 ට පමණ  මෙම පාසල් සිසුවා ප්‍රපාතයට  වැටි ඇති බවයි නොර්ටනබ්‍රිජ් පොලිසිය පවසන්නේ. 
මිතුරන් එක්වි ප්‍රපාතයට වැටුණූ පාසල් සිසුවා ගොඩ ගෙන වටවල රෝහලට ඇතුලත් කරන අවස්ථාවෙත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ. මියගිය පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතය. 

Dec 31

මළා කියපු අප්පච්චිම විජයමුණිගේ ඔළුව අතගායි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නව වසර උදාවන අවස්ථාවේ කතරගම දේවාලයේ ආගමික කටයුතු වලට සහභාගී වන අතර දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පිරිසක්ද එහි ගොස් තිබෙනවා. 

එහිදී   විජිත් විජයමුණිව සෙනඟ අතරින් දුටු මහින්ද ඔහුගේ හිස අතගා නව වසරට සුභ පැතුම් එක්කර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් අපවෙත ලැබී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මැතිවරණය පරාජය වීමත් සමඟින් පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල විජිත් විජයමුණි සොයියා පවසා සිටියේ ‘‘අප්පච්චි මළා‘‘ යනුවෙනුයි.


උපුටාගැනීම

Dec 31

ඇඳුම හරියට නොඇඳපු කෙල්ලට 
කොල්ලෝ ඉදිරියේ 
ලැජ්ජා වෙන්න වුණු හැටි - වීඩියෝ

ගෑණු ළමයි ඇඳුම් ගැන හැමවෙලේම වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනි කියන්නේ මොකද තමන්ට ලැජ්ජාවක් වුනොත් කොල්ලොන්ට වඩා ඒ ගැන කෙල්ලොන්ට හිතට වදින නිසා. සමහර අවස්ථාවල ගැහැණු ළමයි අඳින ඇඳුම නිසා පෙම්වතා වුනත් අපහසුතාවයට පත්වෙන අවස්ථාව ඔබ දැකලා ඇති.

ඒ විදියට වුණු ලැජ්ජා සහගත සිදුවීමක් පසුගිය දවසක කොස්ටරිකා රාජ්‍යයේ  විනෝද සැණකෙළියකට සහභාගී වුණු තරුණියකට සිද්ධවෙලා තියෙනවා. ඒ කැරකෙන මෙරිගෝවේ සිටින  සිය පෙම්වතියගේ කලිසම ගැලවීයාම වළක්වා ගැනීමට පෙම්වතා  දැඩි පරිශ්‍රමයක් දරන දර්ශනයක් අන්තර්ජාලයට එක්වීමත් එක්ක.

කැරකෙන මෙරිගෝව දෑතින්ම අල්ලන් හිටපු නිසා ඇයට තමන්ගේ ඇඳුම අල්ලාගන්න බැරිවුණු නිසා තමන්ගේ පෙම්වතියට වෙන්න යන දේ දැකපු පෙම්වතා බොහොම අමාරුවෙන් ඇයගේ නිරාවරණය වුණු ශරීරය අනිත් අයට නොපෙනෙන්න තියන්න ලොකු උත්සාහයක් ගත්තා.


හැබැයි මිනිස්සු නම් කියලා තියෙන්නේ ඔතෙන්ට හරියට ගැලපෙන ඇඳුමක් ඔය කෙල්ල ඇඳගෙන ආවානම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. මේවා ඉතින් ඒ රටේ අයට විතරක් නෙවෙයි අපේ රටේ අයටත් තේරුම් ගියානම් තමයි හොඳ.

Dec 31

31 රෑ වෙරිවෙන්න බීලා ගත්ත ෆන් 
දන්නෙම නැතුව අන්තර්ජාලයටත් ලීක් - Photos

‘‘තර්ටිෆස්ට් නයිට්‘‘ ගැන අලුතින් කියන්න දෙයක් නෑ, මොකද සමහරු මේ වෙනකොටත් ඊයේ රෑ නටපු පිස්සු ගැන කතා වෙනවා ඇති, වෙරි වෙන්න බීපු සමහර තාම දුක් විඳිනවත් ඇති.
මේක අපේ රටට විතරක් නෙවෙයි හැම රටටම පොදු දෙයක්, දවස් 364ක් මහන්සියෙන් වැඩ කරලා 365 වෙනි දවසේ පුංචි සතුටක් ලබන්න යාළුවෝ, නෑදෑයෝ එක්ක එකට ඉන්න හැමෝම කැමති.

ඉතින් ඔය විදියට ඉන්න ගමන් පොඩි අඩියක් ගහලා අවුරුද්දම අවුල් කරගත්තු අයත් නැතුවම නෙවෙයි. මේ කියන්න යන්නේ ඒ විදියට එංගලන්තේ වීදිවල පිස්සු නටපු සෙට්එකක් ගැන. 
එයාලගේ ඡායාරූපත් මේ වෙනකොට අන්තර්ජාලයට එකතුවෙලා ඉවරයි.  ඒ වගේම නගරය හැමතැනක කෑම කාලා විසිකරපු කුණු. අලුත් අවුරුද්ද විනෝදෙන් සමරනවා වගේම ඉන්න තැන කොයි වගේද කියලා පොඩ්ඩක් හිතුවොත් තමයි කාගේ කාගේ නුවණට හුරු..















Dec 31

අලුත් අවුරුද්දෙ මුලම සිගරට් මිල ඉහළට - 
තුනී පොලිතිනුත් තහනම් කෙරේ

තුනී පොලිතීන් හෙවත් මයික්‍රෝන 20 ට අඩු ඝනකමකින් යුත් පොලිතීන් භාවිතය අද සිට තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

ඒ අනුව මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් නිෂ්පාදනය, අලෙවිය සහ ළඟ තබා ගැනීම නීතිවිරෝධී බවයි එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි සඳහන් කළේ.
එමෙන්ම දුම්වැටි මිලද අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ රුපියල් 2කින්..

Dec 31

2016 වසර පටන්ගද්දිම 
ලොව උසම ගොඩනැගිල්ල ළඟින් ගින්නක් - වීඩියෝ

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා (Burj Khalifa) ආසන්නයේ පිහිටි මහල් 63ක සුපිරි හෝටලයක් ගින්නකට හසුවෙයි. ඒ හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇත. 


ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදී විසිවැනි මහලේ ගින්න හටගත්  බවයි පැවසෙන්නේ. ගිනි දැල්  අඩි 300ක් පමණ උසට  පැතිර ගොස් තිබුනා. 
කෙසේ වෙතත් ගින්න පාලනය කෙරුණු අතර ගින්න හට ගැන්මට හේතුව අනාවරණ වී නැහැ.  නව වසර උදාව සැමරීම සඳහා අතිවිශාල පිරිසක් මේ වන විටත් ඩුබායි නුවරට රැස්ව සිටිනවා. 









Dec 31

පපුවේ කොටපු අමායාගේ ටැටූ එක 
කා වෙනුවෙන්ද ? - Photos

අතුල - අමායා විවාහය දෙදරාගිය බවට පසුගියකාලය පුරා අන්තර්ජාලයේ පුවත් මැවෙද්දී අමායා අධිකාරී සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිවෙන්න ගත්තා. ඒ වගේම හිරු ටීවී වෙතින් සීතල නත්තල වෙනුවෙන් ඉදිරිපත් කරපු ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ වැඩසටහනේදී හොඳම ඇඳුම් විලාසිතාවට හිමිවුණු රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයකුත් අමායට හම්බවුණා.

ඔය අතරේ අමායගේ ටැටූ එක ගැන පොඩි කසු කුසුවක් ගිහින් තියෙනවා කියලා හිරු ගොසිප් අපිට ආරංචි වුණා. වැඩේ කියන්නේ අමායා මේ ටැටූ එක පපුවේ ගහලා තියෙන්නේ කවුදෝ කෙනෙක් නිසා කියලා තමයි  කට්ටිය කියන්නේ.
 ඒ කවුදෝ කෙනාට අමායා ගහපු ටැටූ එකේ ඡායාරූප බලන්න පහතින්....




Dec 31

එයාර්පෝට් එක ළඟ සෙල්ෆි ගන්න ගිහින් 
ලොරියකට යටවුණු 
තරුණ ජීවිත දෙක - වීඩියෝ

තුර්කියේදී සෙල්ෆි ගැනීමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙකු ලොරියකට යටවීමෙන් මියගොස් තිබෙනවා.  ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ මැද සිට ගොඩබස්වමින් තිබු ගුවන්යානයක් සමග සෙල්ෆි ගැනීමට උත්සාහ කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. 


ගුවන්තොටුපලක් අසල පිහිටි මහා මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙනවා. 17 හැවිරිදි සහ 19 හැවිරිදි මෙම පිරිමි ළමුන් දෙදෙනා තවත් ළමුන් 3 දෙනෙකු සමග විනෝද චාරිකාවක් යමින් සිටියදීයි සෙල්ෆි ගැනීමට සුදානම් වී ඇත්තේ. 

එම අවස්ථාවේ පැවති අඳූරු වාතාවරණය හමුවේ ලොරි රියදුරාට මෙම පිරිස නොපෙනීම හමුවේ ඔවුන් ඊට යටවී ඇතැයි සඳහන්. මෙම ළමුන් අනතුර සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.  

උපුටාගැනීම

Dec 31

කුසල්ගේ තැනට ආව ධනුෂ්ක 
පිට්ටනියේ වැඩ පෙන්වද්දී දිල්ෂාන් 91ක් ගහලා 
මැච් එක ගොඩගත්ත හැටි - වීඩියෝ


සංචාරක නවසීලන්තයට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. 

අද නෙල්සන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 276 ක් රැස්කලා.

කේන් විලියම්සන් ලකුණු 59 යි. ටොම් ලේතම් ලකුණු 42 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් / දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 2 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකලා. ටී එම් ඩිල්ෂාන් ලකුණු 91 යි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 65 යි. ලහිරු තිරිමාන්න නොදැවී 87 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 27 ක් ලබාගත්තා. 

දෙරට අතර හතරවන එක්දින තරගය ලබන සෙනසුරාදා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්....





උපුටාගැනීම

Dec 31

සීගිරි ගියාට කමක් නෑ, 
ලලනාවන්ගේ ෆොටෝ ගැහුවොත් 
වැඩ වරදී


ආලෝක ධාරා නොමැතිව පමණක් එහි ඡායාරූප ගැනීමට මීට පෙර අවස්ථාව සලසා දී තිබුණත් බොහෝදෙනෙකු එම නීතියට අවනත නොවීම නිසා බිතුසිතුවම් ආරක්ෂා කිරීමේ අරමුණින් ඡායාරූප ගැනීම ඊයේ දිනයේ සිට මෙලෙස තාවකාලිකව තහනම් කර තිබුණා. 
සීගිරි බිතුසිතුවම් ලෙනේ පිහිටි ඉපැරණි බදාම තට්ටුවක් පසුගියදා කඩා වැටීමේ සිද්ධිය ද මෙලෙස ඡායාරූප ගැනීම තහනම් කිරීමට හේතුවූ බවයි  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

සීගිරි බිතුසිතුවම්වල ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව කියාසිටියා.  ඊයේ සිට සීගිරි බිතුසිතුවම්වල ඡායාරූප ගැනීම මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් තහනම් කරනු ලැබුවා.

Dec 31

ඔළුව බේරගෙන තීරණේ දෙන්න 
විනිසුරුවරු පිට්ටනියට බහින 
අලුත්ම සිස්ටම් එක - වීඩියෝ


පිතිකරුවන් සහ පිතිකරු අසල සිටින පන්දු රකින්නන් ආරක්ෂිත හිස් ආවරණ පැළදීම ක්‍රිකට් පිටියේ සාමාන්‍ය දසුනක්. එහෙත්, විනිසුරුවරයෙක් ආරක්ෂිත හිස් ආවරණ පැළඳ ක්‍රිකට් තරගයකට එක් වූ දුර්ලභ අවස්ථාවක් අද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා. 

 ‍ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න් රෙනගේඩ්ස් සහ පර්ත් ස්කෝචර්ස්  අතර තරගය ඊයේ (30) පැවැත්වුණා. 

එහි විනිසුරුවරයෙකු වූ ජෙරාඩ් ඇබූට් පිටියට පිවිසුණේ මෙම ආරක්ෂිත හිස් ආවරණයත් සමගින්. ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ දිනෙන් දින වේගවත් වන පිතිකරුන්ගේ ප්‍රහාර හේතුවෙන් විනිසුරුවන්ගේ  ආරක්ෂාව අවම මට්ටමක පවතින බවයි. 
මෑත කාලීනව ක්‍රිකට් පිටියේදී පන්දුව හිසේ වැදීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් ම වාර්තා වුණා.  පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්වුණේ තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදීම හේතුවෙන්. 

පසුගියදා අවසන් වූ ඉන්දියානු දේශීය රංජි කුසලාන  ක්‍රිකට් තරගාවලියේදී ද ඔස්ට්‍රේලියානු විනිසුරු ජෝන් වෝඩ් පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්වුණා. ඔහු තවමත් සම්පුර්ණයෙන් සුව අතට පත්ව නොමැති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ. 

වෝඩ් තුවාල ලැබු අවස්ථාවේ අනෙක් අන්තයේ සිටි ඉන්දියානු විනිසුරුවරයා ද ඉන් පසුව පැවැති දේශීය එක්දින තරගයකට එක් වුණේ ආරක්ෂිත හිස් වැසුමක් සමගයි.  

බිග්බෑෂ් ලීග් තරගයේදී විනිසුරු ජෙරාඩ් ඇබූට් පිතිකරුවන් භාවිත කරන ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ තම රාජකාරියේ නිරත වුවත්, මේ වනවිටත් ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රිකට් බලධාරීන් විනිසුරුවන් සඳහා විශේෂිත හිස් ආවරණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Dec 31

මිස් කොල් ලව් එකෙන් සෙට් වුණු තරුණිය 
ත්‍රීවිල් එකෙන් උස්සන් ගිහින් 
ජීවිතය අපායක් කළ නරුමයා

පසුගියදා සිසුවියක්  උපකාරක පන්තියකට සහභාගිවීමට නගරයට පැමිණ ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින්. නමුත් අතරමග දී ඇය බලහත්කාරයෙන් බසයෙන් බස්සවාගෙන ගොස් අනතුරුව රත්නපුර ප්‍රදේශයට ත්‍රිරෝද රථකින් රැගෙන ගිය අයෙකු පිළිබඳව පොලිසියට වාර්තා වී ඇත. 
මෙම සැකකරු  මිතුරෙකුගේ  නිවසක සිසුවිය නතර කරගෙන ඇති අතර එහිදී ඇය දූෂණයට ලක් වූ බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

විවාහ කරගන්නා බවට පොරොන්දුවී සිසුවිය  රැගෙනගොස් ඇති 37 හැවිරිදි සැකකාර  ත්‍රිරෝද රථ රියදුරා  අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ සැගවී සිටියදීයි.
මගහැරුණු දුරකථන ඇමතුමකින් 15 හැවිරිදි සිසුවිය සමග  හිතවත්කම් ඇතිකරගෙන තිබූ බවට පොලිසිය අනාවරණ කරගෙන ඇත. 
බලෙන් රැගෙන ආ බාල වයස්කාරියකට නවාතැන් සපයා දී  බරපතල අපරාධයක් සිදු කිරීමට උදවු කළ බවට නිවසේ හිමිකරුවන්ට චෝදනා එල්ල වෙයි.  පිටබැද්දර පොලිසිය විමර්ශන මෙහෙයවයි.

උපුටාගැනීම

Dec 31

මුහුදු වතුර උණුසුම් වෙන 
ප්‍රබල එල්නිනෝ තත්වයක් 
ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් රැසකට බලපෑ හැකි ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක් එළඹෙන වසරේදී අපේක්ෂා කරන බව නාසා ආයතනය අනතුරු අඟවනවා.  මීට  පෙර එවැනි ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වාර්තාවූයේ 1998 වසරේදියි. 
ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප්‍රදේශයකට මහා ජල ගැලීම් ඇතිවිය හැකි බවයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

එල් නිනෝ ක්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර ඇතිවන ප්‍රබල එල් නිනෝ තත්ත්වය චන්ද්‍රිකා ඡායාරූපවල පවා මීට පෙර සටහන් නොවූ අන්දමට සටහන් වී තිබීම විශේෂත්වයක්.   
පැසිෆික් සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය මුළු ලෝකයේම කාලගුණ රටාවන් කෙරෙහිම බලපෑම් ඇති කරනවා. 
එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙසයි විද්‍යාඥයින් හඳුන්වා දී ඇත්තේ. 

Dec 30

කිලෝමීටර් ගානක් කැලේ බලෙන් අල්ලන් හිටි 
කැලෑ පාළුවන්ට අන්තිමේදී 
යන්න වුණු හැටි - වීඩියෝ

මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනානි සහ නාවල්අඩි ප්‍රදේශවල බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්, යළි එම දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. ඒ, වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි. 
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි මෙම ඉඩම් අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

මඩකලපුව පූනානි සිට නාවල්අඩි දක්වා කිලෝමීටර් 28 ක් පමණ කොටසක පර්චස් 20 බැගින් වූ ඉඩම් කොටස් 2000 ක් පමණ දින කිහිපයක සිට කිසියම් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් සිටින බව හිරු නිව්ස් විසින් අනාවරණ කළා.

දිඹුලාගල මහාකාශ්‍යප පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන්ද  අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ ඇති වූයේ උණුසුම් සංවාදයක්..


නියෝජ්‍ය පරිවේණාධිපති හිමියන් සදහන් කලේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතාගේ මැදිහත් වීමෙන් මෙම ඉඩම් අත්පත්කර ගැනීම සිදු වන බවයි.

‘‘ඒ මිනිස්සුන්ගෙන් විමසා සිටියා කොහොමද මේ වන සංරක්ෂණ භූමියට ඇතුළු වුණේ කියලා. ඒ අය කියනවා අපිට අමීර් අලි ඇමතිතුමා උපදෙස් දුන්නා පර්චස් 20 ගානේ අල්ලන්න. මෙයාල  බොහොම විනාශයක් කරන්නේ. ‘‘

මෙම අනාවරණයෙන් පසු බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති පිරිස ඉවත් කිරීම සදහා කෝරලේපත්තුව උතුර ප්‍රාදේශීය ලේකම්වරිය, වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබුණා.

ඉන් අනතුරුව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් එම ප්‍රදේශයට පැමිණියේ ඒවායේ සිටි පිරිස් ඉවත් කිරීම සදහායි.

ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුණා. ඉඩම් වෙන් කිරීම සදහා ඉදිකර තිබූ මායිම් කණු ඉවත් කිරීමටද එම නිළධාරීන් එම අවස්ථාවේ පියවර ගනු ලැබුවා.



Dec 29

කොන්ඩම් යන්ත්‍රයක් පිපිරි 
තරුණයෙක් මියගිහින්

උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් පහසුවෙන් ලබාගැනීම සඳහා විවිධ රටවල් වල තැනින් තැන යොදා ඇති යන්ත්‍රයක් පුපුරා පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා..
ජර්මානු ජාතික තරුණයෙක් මෙලෙස කොන්ඩම් ලබාගැනීමේ යන්ත්‍රයක් පුපුරුවා හැරීමට උත්සාහ කර තිබෙන අතර  එයට හසුවීමෙනුයි ඔහු මෙලෙස මියගොස් ඇත්තේ. 

මොවුන් නත්තල් දින තමන්ගේ නිවසේ සෑදූ බෝම්බයක් කොන්ඩම් යන්ත්‍රයකට  සවිකර  එය පුපුරුවා හැරීමට තැත් කර ඇත්තේ වාහනයට මුවාවීයි. නමුත් එලෙස මුවාවීමට එක් අයෙකු සැරසෙන අවස්ථාවේදී එය පුපුරාගොස් එහි වූ කැබැල්ලක් හිසේ වැදී තිබෙනවා.
මොවුන්ට කොන්ඩම් යන්ත්‍රයෙන් මුදල් හෝ කොන්ඩම් සොරාගැනීමට ලැබී නැති අතර රෝහල් ගතකිරීමෙන් පසුව ඔහු මියගොස් තිබෙනවා.

Dec 29

දඩ කොලේ ගෙවන්න තැන තැන ගියපු කාලේ 
ඉවරවෙන හැඩයි, 
තප්පර ගාණින් වැඩේ ඉවරයිලු

රථ වාහන වැරැදිවලට හසුවන රියැදුරන්ට දඩ මුදල් ගෙවීම පහසු කිරීම සඳහා SMS ක්‍රමයක් ළඟදීම හඳුන්වාදෙන්නට නියමිත බවට වාර්තා වෙනවා. පොලිසිය තාක්ෂණික දියුණුව කරා රැගෙන යන ගමනේදී මෙම ක්‍රියාවලියද ළඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවටයි වාර්තා වෙන්නේ.

මේ අතර සැඟවුණු අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිසිය සඳහාම වෙන්වූ විද්‍යාත්මක පර්යේෂණාගාරයක් ජාත්‍යන්තර සහාය මත පිහිටුවීමටද පොලිස්පතිවරයා සැලැසුම් කරගෙන යන බවට වාර්තා වන අතර ඒ පිළිබඳව දැනට සාකච්ඡා පවත්වමින් සිටින බවටද වාර්තා වෙනවා.
මීට අමතරව මං තීරු නීතිය කඩ කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සීසීටීවී කැමරා සවිකළ පොලිස් ජංගම රථ කීපයක් කොළඹ සහ අවට ප්‍රදේශ ආසන්නයේ අතුරු මාර්ගවල යොදවා ඇති බවටද වැඩිදුරටත් වාර්තා වෙනවා.

Dec 29

පවුලේ අවුලට අත්දෙක වෙන් වෙන්න කපා 
බිරිඳගෙන් පළිගත් සැමියා

තියුණූ ආයුධයකින් පහරදී සිය බිරිදගේ දෙඅත් වෙන් වෙන්ම කපා දැමු ඝාතනය කළ සැකකරුවෙකු  වදුරඹ ඌරලලඅම්පිටිය වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.

53 හැවිරිදි මෙම කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.  සැකකාර සැමියා බිරිදගේ හිසටද තියුණූ ආයුධයෙන් පහරදී ඇති බව මුලික විමර්ෂණ වලදී අනාවරණ වී ඇතැයි සදහන්.
56 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels