පාස්පෝට් අවුලක් නිසා
රට යන්න ගිය විමල්
ගුවන්තොටුපලෙන් ආපහු හරවා යවයි
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ යුරෝපය වෙත විදෙස් ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ ආගමන විගමන බලධාරින් ඔහු ආපසු හරවා එවීම ගැන පාර්ලිමේන්තුවේදී අද උදෑසන ප්රශ්න කෙරුණා.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ අග්රාමාත්යවරයා කියා සිටියේ ඒ ගැන සොයා බලා පිළිතුරක් ලබාදෙන බවයි.
කෙසේ නමුත්, විමල් වීරවංශ මන්ත්රීවරයා ගුවන්තොටුපලෙන් හරවා එවීම ගැන තමා දැනුවත් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය සඳහන් කළා.
මන්ත්රීවරයා ආපසු හරවා යවා ඇත්තේ ඔහුගේ ගමන් බලපත්රයේ දෝෂයක් ඇති බව පවසමින්. කෙසේ නමුත්, තම නව ගමන් බලපත්රය රැගෙන අද උදෑසන ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේදී රහස් පොලිසිය ඔහු නවතාගෙන ප්රශ්න කිරීමක් සිදුකරන බවයි විමල් වීරවංශ මන්ත්රීවරයා ප්රකාශ කළේ.
Source - gossip.hirufm.lk
Post a Comment