මහින්ද සෑදූ බවට පැවසෙන
භූගත මාලිගයේ ඡායාරූප
පිටවෙයි - Photos
මහල් 4 ක ගොඩනැගිල්ලක්,
මහල් 2ක් භූගතව හදලා,
හදන්න බිලියන 3ක් ගිහින්ලු
ජනාධිපති මන්දිරයට අයත් භූගත ගොඩනැගිල්ලක යැයි පැවසෙන ඡායාරූප කිහිපයක් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක මේ වන විට ප්‍රචාරය වෙමින් පවතිනවා. එම වාර්තාවල දැක්වුණේ, එම ඡායාරූප කොළඹ - කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේ භූගතව පිහිටා ඇති ගොඩනැගිල්ලක ඡායාරූප බවයි.
මෙම භූගත ගොඩනැගිල්ල පසුගිය පාලන සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුදැනුමකින් ඉදිකර ඇත්තේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්.
මහල් 4 කින් සමන්විතවන එම ගොඩනැගිල්ලේ මහල් 2 ක් භූගතව පිහිටා ඇති අතර එහි විදුලි සෝපානයක්ද පවතිනවා. මෙම ගොඩනැගිල්ලේ පැය 24 පුරා ක්‍රියාත්මක ස්වයංක්‍රීය වායු සමීකරණ පද්ධතියක් ඇති බවත් සදහන්.
එම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වැය වූ මුදල සදහන් කර තිබුණේ රුපියල් බිලියන 3 කට අධික බවයි. එහි මසක විදුලි බිල රුපියල් ලක්ෂ 30 ද ඉක්මවා තිබූ බව ද දැක්වුණා.
නිදන කාමර 6 ක් සහ කායවර්ධන මධ්‍යස්ථානයකින් සමන්විත එම ගොඩනැගිල්ලේ ගෘහ භාණ්ඩ ඉතාලියෙන් ආනයනය කරන ලද ඒවා බව පැවසෙයි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, රාජ්‍ය නායකයාට අවශ්‍ය ආරක්ෂිත විධි විධාන සැලසීම සදහා මෙම භූගත ගොඩනැගිල්ල ඉදිකර ඇති බවයි.
එහි ඡායාරූප එකතුවක් පහතින්....
source - gossip.hirufm.lk
Post a Comment