Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

After Three Days of Battle for Survival: Bulathsinhala Wooden stick pierced student passes away at CNH  

,

ගසකින් වැටී ලී ඉන්නක් 
ගෙළ හරහා ඇනුණු සිසුවා මියයයි

ලී ඉන්නක් ඇනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය කළ කළුතර - බුලත්සිංහල පාසල් සිසුවා අද උදෑසන 10.00ට පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙනවා.
බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් පසුගිය දිනෙක පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඩීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා.

පසුව අසල්වැසියන් එක්ව සිසුවා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
පසුව පැය 6ක ශල්‍යකර්මයකින් පසුව සිසුවාගේ පපුව ප්‍රදේශයට ඇනී තිබූ ලී ඉන්න ඉවත් කර තිබෙනවා. වෛද්‍යවරුන් ඔහුගේ දිවි බේරාගැනීමට දැඩි වෙහෙසක් වූ නමුත් ඔහු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels