භුගත බංකර් හදපු
තවත් දෙදෙනෙකු ගැන
ගෝඨාභය හෙළිකරයි - Photos
හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර්, එල්. ටී. ටී. ඊ තර්ජන නිසා භූගත වාසස්ථාන සකසාගෙන තිබු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ භූගත ඉදිකිරීම් සම්බන්ධයෙන්හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදීයී ඔහු මේ බව කියා සිටියේ.
ජනාධිපති මන්දිරයේ භූගත ගොඩනැගිල්ල විශේෂ පහසුකම්වලින් සමන්විත බවට සමාජය තුළ මේ වනවිට කථාබහක් ඇතිව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්ද අප හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ආරක්ෂක උපදෙස් මත අදාළ ඉදිකිරීම් සිදුකළ බවයි. ජනාධිපතිවරයෙකුට උචිත ආකාරයෙන් එම ඉදිකිරීම් සිදුකළ බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
මහින්ද සෑදූ බවට පැවසෙන බංකරයේ ඡායාරූප පහතින්......
source - gossip.hirufm.lk
Post a Comment