අද ඉඳන් වාහන මිලට ගැනීමේදී
90% දක්වා කල්බදු පහසුකම්
වාහන මිලට ගැනීමේදී 90% දක්වා කල්බදු පහසුකම් ලබාගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයන්ට හිමිවනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඊට අදාළ නිල දැනුම්දීම රජය සහ පෞද්ගලික අංශයේ වානිජ බැංකු වෙත අද නිකුත් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. වාහන මිලට ගැනීමේදී සියයට සියයක් කල්බදු පහසුකම් ලබාදීම පසුගිය සැප්තැම්බර් 15 වනදා සිට අත්හිටවනු ලැබුවා.
එදින නිකුත් කළ චක්‍රලේඛයට අනුව වාහනයක් මිලට ගැනීම සඳහා එතෙක් තිබූ සියයට සීයයේ කල්බදු පහසුකම 70% දක්වා පහත දැමුවා. එහෙත් එමඟින් මෙරට වෙළඳපොලට ඇතිවිය හැකි අහිතකර බලපෑම් සැළකිල්ලට ගෙන එම සීමාව 90% දක්වා යළි ඉහළ නැංවීමටයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගියදා තීරණය කළේ.
source - gossip.hirufm.lk
Post a Comment