එක දිගට සම්පූර්ණම සින්දුවක් වුණත්
විසිල් එකෙන් ගහන අංකල් කෙනෙකුගේ
අපූරු හැකියාව - වීඩියෝ
මෙරට සංගීත ඉතිහාසයේ රසික රසිකාවියන් අතර ප්රචලිත ඕනෑම ගීතයක ස්වර වලට උරුවම් බෑමෙන් වාදන වෘන්තය ලබා දෙන සංගීතයට උපන් හපන් පුද්ගලයෙකු තබ්බෝව ගොවි ජනපදට අයත් තේවනුවර ගම්මානයෙන් මුණ ගැසිණි.
කුරුණෑගල දිස්ත්රික්කයට අයත් වාරියපොළ ප්රදේශයේ උපත ලැබ තබ්බෝව ගොවිජනපද ආරම්භයත් සමග 1974 වසරේ තේවනුවර ගම්මානයේ පදිංචියට පැමිණි මොහු නමින් එස්.එම්. කපුරු බණ්ඩා (65) හැවිරිදි පස් දරු පියෙකි.
තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි මොහු වෘත්තිමය වශයෙන් ගොවිතැන් කටයුතු සිදුකරගෙන යන අතර, කුඩා අවදියේ සිට සහජයෙන්ම ඇති හැකියාවක් ලෙස මෙරට සංගීත ක්ෂේත්රයේ ගැයෙන ඕනෑම ගීයක ස්වර වලට උරුවම් බෑමෙන් වාදන වෘන්තය ලබා දීමට උපන් හපන් හැකියාවක් ඇති බව කියයි.
හෙළ සිනමා සංගීත වංශ කතාවේ නිම් වලලු පුලුල් කල අසාහය ගායක එච්.ආර්. ජෝතිපාල මහතා ගායනා කල ඕනෑම ගීතයකට උරුවම් බෑමෙන් සංගීතය සපයන මොහු මෙරට එදා සිට අද දක්වා ගැයෙන සියලුම ගීත වලට මෙසේ උරුවම් බෑමෙන් සංගීතය එක් කරන ආකාරය පුදුමය දනවන්නක්ව තිබේ.
source - gossip.hirufm.lk
Post a Comment