Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Modus Operandi of A’pura Night Club Owner: Karate Wasantha’s Murderers Disclosed How and Why He was Murdered?  

කරාටේ වසන්ත ඝාතනය කළ හැටි ගැන 
කඩු පොලු අරන් ආ කල්ලිය 
හෙළි කරයි

‘‘ලොක්කා‘‘ අපිට හොඳටම බොන්න දුන්නා,
පස්සේ වසන්තට ගහලා කුඩු කරලා වරෙන් කීවා‘‘
‘ලොක්කා‘‘ සිද්ධියෙන් පස්සේ අතුරුදන්ලු
අනුරාධපුර - කඩපනහ ප්‍රදේශයේදී රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාගෙන් 6 දෙනෙකු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අනෙක් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත අනෙක් සැකකරුවන් සොයා මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මේ අතර සැකකරුවන් අදාළ සිද්ධියට භාවිත කළ බව කියන ටිපර් රථයක්‌, මෝටර් රථයක්‌, ත්‍රිරෝද රථයක්‌, පොරොවක්‌, ලී මුගුරු කීපයක්‌ සහ යකඩ බටයක්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිසිය භාරයට ගෙන ඇති බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස්‌ පරීක්‍ෂක එච්. එම්. යසරත්න මහතා මෙම අපරාධය සංවිධානාත්මක ලෙස සැලසුම් සහගතව සිදුකළ එකක්‌ බවත් මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු සෙබළෙකු විසින් සැලසුම් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පැවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් එදින රාත්‍රියේ වූ සිඳුවීම සම්බන්ධයෙන් මේ වන විට පවසා ඇති බවටද වාර්තා වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සේවයෙන් ඉවත්ව සිටින "ලොක්‌කා" නම් පුද්ගලයෙකු මේ වන විට පොලිසිය සොයමින් සිටිනවා.
‘‘එදා රෑ අපිට හොඳටම මත්පැන් බොන්න දුන්නා. ඊට පස්‌සේ ඔහු යකඩ පොලු, ලී පොලු අපට දීලා සොයිසාට පහර දෙන්නැයි කිව්වා'.
ලොක්‌කා අපට මෙහෙම බොන්න දුන්නේ එයාගේ උපන් දිනය කියලයි. බීලා ඉවර වුණාට පසසේ සොයිසා මහත්මයාට ගහන්න කියලා ඔහු අපට දැනුම් දුන්නා.
ලොක්‌කා සොයිසා මහත්තයා සමඟ කාලයක්‌ තිස්‌සේ අමනාපෙන් හිටිය බව කීවා. ලොක්‌කාගේ කතාව අනුව ඔහු සොයිසා මහත්තයා සමඟ ලොකු වෛරයකින් පසුවන බව දැනගත්තා. ලොක්‌කාව පොලිසියට අල්ලලා දීලත් තියනවාලු. අපි කරපු දේ ගැන අද අපි දුක්‌වෙනවා. මෙම සිද්ධියෙන් පස්‌සේ ලොක්‌කා ප්‍රදේශයෙන් පැනගොස්‌ සිටින බව ආරංචියි. ‘‘
මේ අතර මෙම මිනීමැරුම සඳහා සැකකරුවන් 24 දෙනකු සහභාගි වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

Source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels