Dinesh Want’s Wimal to be the Mouth-Piece, Speaker Rebuts: Heated Dinesh Gunawardena Goes Mad and Takes Off the MACE in a Tensed Parliament
උණුසුම් වූ පාර්ලිමේන්තුවේදී
දිනේෂ් ගුණවර්ධන
සෙංකෝලය උස්සලා - වීඩියෝ
‘‘මේකට තමයි මෝඩකම කියන්නේ,
සද්ද දැම්මා කියලා මේවා හරියන්නේ නෑ‘‘ - විජයදාස
කථික ලැයිස්තුවේ ගැටළුවක් හේතුවෙන් පාර්ලිමේන්තුව ඊයේ (22) විනාඩි 10 කට කල් තැබීමට මූලාසනයේ සිටි මන්ත්‍රිවරයාට සිදුවුණා.
ඒ, මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගේ කථාවෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමාට කථාවක් සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මූලාසනයෙන් ඉල්ලා සිටීමත් සමඟයි. එහෙත් කථික ලැයිස්තුවේ මීළඟට අවස්ථාව හිමිව ඇත්තේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්ට බවයි මූලාසනයේ සිටි මන්ත්‍රිවරයා එවිට ප්‍රකාශ කළේ.
ඊට විපක්ෂයේ විරෝධය එල්ලවීමත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කල් තැබීමට මූලාසනය තීරණය කළා. එම අවස්ථාවේදී මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභා ගර්භයට පැමිණ සෙංකෝලය අතට ගත් බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී නියෝජ්‍ය වේත්‍රධාරියා සභාව මැදට ගොස් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් සෙංකෝලය නැවත රැගෙන අදාළ ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්රණයකට සහය පළකරමින් ඇමරිකාව ජිනීවා මානව හිමිකම් සැසියට පසුගියදා ඉදිරිපත් කළ යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සභාගත කළා.
සභාව උණුසුම් වූ අවස්ථාව ඇතුලත් වීඩියෝව පහතින්....
සභාව උණුසුම් වූ අවස්ථාව ඇතුලත් වීඩියෝව පහතින්....
Post a Comment