පිරිමි ළමයි 6කට කැත වැඩක් කළ
පාසැලේ කාර්යාල සහයකට
වැඩ වරදී
යාපනය,උඩුතුරෙයි හින්දු විද්‍යාලයේ වයස අවුරුදු 10 කට අඩු පිරිමි ළමුන් හය දෙනෙකු අපයෝජනයට ලක් කළ විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු (26දා) සවස කිලිනොච්චිය,පලෙයි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පලෙයි පොලිසිය පැවසුවේ පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.
සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදි සැකකරු වයස අවුරුදු 10 ට අඩු පිරිමි දරුවන් හය දෙනෙකු රවටාගෙන ගොස් අපයෝජනය කොට ඇති බවට පැමිණිළි ලැබී ඇති බැවිද පොලිසිය පැවසීය.
යාපනය,වත්තිරියාය,තාලයඅඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බැව්ද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශ භාර ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ අධික්ෂණය යටතේ,කිලිනොචිචිය,පලෙයි කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි,පලෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Source - gossip.hirufm.lk
Post a Comment