කරාතේ වසන්න ඝාතනයේ
මහමොළකරු SF ලොකූ පිටුපස
දේශපාලන හස්තයක් ?
පසුගියදා අනුරාධපුර සමාජශාලා හිමිරුවෙක් වූ කරාටේ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සැලැසුම් කළ මහමොළකරු වන 'එස්.එෆ්. ලොකු' නමින් හඳුන්වන විශේෂ බළකායේ හිටපු හමුදා භටයාට රටින් පිටිවීම සඳහා අනුරාධපුරය ප්රදේශයේ දේශපාලනඥයකුගේ රැකවරණ ලැබී ඇද්ද පිළිබඳව පොලිසියට සැක මතු වී තිබෙන බවට ආරංචි වනවා. එමෙන්ම ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක්ද මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඔහු විසින් මීට පෙරද සමාජශාලා හිමිකරු සමඟ ඇති කරගෙන ඇතැයි කියන ආරවුලක් මත අදාළ සමාජශාලාවට බෝම්බ ගැසීමට තැත් කිරීමේ සිද්ධියක් ගැනද පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන බවට වාර්තා වෙනවා. පසුව ඔහු මාස 4ක් සැඟවී සිට මේ සමාජශාලාවට ප්රහාර එල්ල කිරීමට සැලැසුම් කර ඇති බව අනාවරණය වී තිබේ.
ඉහත කී මන්ත්රීවරයා සමඟින් මොහු සමීප ඇසුරක් පවත්වා ඇති බවට අන්තර්ජාලයේ පළවන ඡායාරූප වලින්ද දැකගන්නට ලැබී ඇති බවට පැවසෙනවා.
මේ සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු 2011 වසරේ නාවික හමුදාවෙන් පලාගිය අයකු බවත් එම හේතුව මත ඔහු සේවය අතහැර ගිය අයකු ලෙස සලකා නාවික හමුදාවෙන් ඉවත් කළ අයකු බවත් වාර්තා වෙනවා.
මේ ඝාතනය සිදුවූ රාත්රියේ සමාජශාලාවට පහර දෙන්නට ආ සැකකරුවන් ආපසු පැමිණෙන තුරු ඒ සඳහා පැමිණි වාහන සූදානමේ තබාගෙන සිටි සැකකරුවන් පිරිසක් පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මේ වන විටත් ඒස් එෆ් ලොකූ සොයා පොලිසිය මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා.
Post a Comment