ජනපති කොමිසම
හෙට ඇවන්ගාඩ් නැවට යයි
පසුගිය දා ගාල්ල වරායට ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන පසුව පොලීසියට භාර දුන් ඇවන්ගාඩ් නෞකාව පරීක්ෂා කිරීමට බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම සූදානම් වනවා. ඒ සඳහා කොමිසම මගින් අධිකරණයේ අවසරය ද ලබාගෙන තිබෙනවා.
කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ ඒ අනුව හෙට (28) නෞකාව පරීක්ෂා කරන බවයි. නිලධාරීන් 5 දෙනෙකු ඒ සඳහා පිටත්ව යන අතර, නෞකාවේ තිබෙන අවි ආයුධ සම්බන්ධයෙන් සංගණනයක් සිදුකිරීම මෙහි අරමුණ බවයි ලේකම්වරයා කියා සිටියේ. රක්නාලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව නෞකාව පරීක්ෂා කරන බව සදහන්.
තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි ඇවන්ගාඩ් නෞකාවේ තිබූ අවි සහ පතොරොම් සහිත කන්ටේනර් පෙට්ටි 3කට මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තැබුවා.
ඒ අනුව පොලිස්පතිවරයාගෙන් ද මීට අදාළ පරීක්ෂණ සඳහා සහාය ලබාගත් බව බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම කියා සිටියා.
source - gossip.hirufm.lk
Post a Comment