ගසකින් වැටී ලී ඉන්නක් ගෙළ හරහා
පපු ප්‍රදේශයේ ඇනුණු සිසුවෙකු
බේරාගත් වික්‍රමය - වීඩියෝ
ගෙළ හරහා පපුව ප්‍රදේශයට ලී ඉන්නක් ඇනීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කළුතර - බුලත්සිංහල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු හදිසි ශල්‍යකර්මයක් සිදුකරමින් පවතිනවා.
රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ සඳහන් කළේ ඊයේ (27) පස්වරු 4.30 ට පමණ මෙම ශල්‍යකර්මය ආරම්භ කළ බවයි.
රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ සඳහන් කළේ ඊයේ (27) පස්වරු 4.30 ට පමණ මෙම ශල්‍යකර්මය ආරම්භ කළ බවයි.
බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් ඊයේ පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඞීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා.
පසුව අසල්වැසියන් එක්ව සිසුවා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
පසුව පැය 6ක ශල්‍යකර්මයකින් පසුව සිසුවාගේ පපුව ප්‍රදේශයට ඇනී තිබූ ලී ඉන්න ඉවත් කර තිබෙනවා. සිසුවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
Source - gossip.hirufm.lk
Post a Comment