කොණ්ඩයා එළියට ගන්න වැඩකළ
උදුල් ඇතුළු නීතීඥයින්ට
වැඩ වරදින ලකුණු
දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ නීතිඥයන් මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසියට කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා.
ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන බවයි පොලිස් මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශද පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම පසුගියදා පොලිසිය විසින් දුනේෂ්ට පහරදුන් බවට පැවසෙන පිටේ තුවාල ලකුණු සහිත ඡායාරූපද අන්තර්ජාලය ඔස්සේ පළවුණා.කෙසේ නමුත් දුනේෂ් පිළිබඳව මාධ්‍යහමු පවත්වමින් කටයුතු කරන උදුල් නැමති නීතීඥයා මීට පෙරද රත්නපුරයේදී බට්ටි නැමැති කාන්තාවකට පොලිසිය විසින් පහරදුන් අවස්ථාවේදීද ඇය වෙනුවෙන් පෙනී සිටියා.
උපුටාගැනීම
Post a Comment