ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වන නඩුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවීමට නියමිතයි.
අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් මත පසුගිය දා විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරියා. පසුගිය 23 වන දා යුරෝපා සංචාරයක් සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආගමන විගමන බලධාරීන් හරවා යවනු ලැබුවේ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අවලංගු එකක් බව ප්‍රකාශ කරමින්.
පසුව ඔහු තම පැරණි ගමන් බලපත්‍රය නැති වූ බව පවසා තලංගම පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව වෙනත් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කළා. කෙසේ වෙතත්, ඊට ද අවසර හිමි වූයේ නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍රය පිළිබද නිවේදනයක් නිකුත් කළ ජාතික නිදහස් පෙරමුණ කියා සිටියේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන සඳහා නිසි අයුරින් වීසා බලපත් ලබාගත් බවයි.
Post a Comment