Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Ganithaya death in madampe  

පළාතම හොල්ලන් මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ කළ 
ලොක්කා වෙඩි තබාගෙන මියයයි - Photos
ප්‍රසිද්ධ ‘‘ගණිතයා‘‘ නමින්ලුබෝර 12 තුවක්කුවෙන් ඔලුවටම තියාගෙන
මිනිස් ඝාතනයක් ඇතුළු සිද්ධීන් කීපයකට පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙනවා. මිය ගොස් ඇත්තේ මාදම්පේ - මුගුණුවටවන, පුලියන්කාර, කැප්පෙටිවැව පදිංචිව සිටි වලාකුළු පේඩිගේ තුසිත දේවප්‍රිය විජේසේන හෙවත් ‘‘ගණිතයා‘‘ (අවු:32) නම් වූ අවිවාහකයෙකි.
ඔහු තම හිතවතෙකුට අයත් බව කියන මුගුණුවටවන - පුලියන්කාර ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ නිවසක් තුළදී සිය දිවි නසා ගැනීම සිදු කර ඇත. ඊයේ (30) සවස 4.00 ට පමණ මෙම වෙඩි තබා ගැනීම සිදුවී ඇති අතර පුලියන්කාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම දරුවාගෙන් තමන්ට හිරිහැර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් සිදු කර තිබේ. 
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මාදම්පේ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු එම ප්‍රදේශයට ගොස් ඇත. අදාල සිද්ධියට සම්බන්ධ සැකකරු සිටින බව කියන නිවස දෙසට පොලිස් නිලධාරීන් යන විට එම නිවස තුළින් වෙඩි හඬක් ඇසී ඇත. එම වෙඩි හඬ සම්බන්ධයෙන්  සොයා බලන විට වෙඩි වැදී බිම වැටී සිටි පුද්ගලයෙකුව දැක ඇත. එම නිවස ආසන්නයේම පිහිටි මුළුතැන් ගෙයි සිටි අදාල සැකකරුවාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇති ‘‘ගණිතයාට‘‘ එරෙහිව පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, ස්ත්‍රීයක් දූෂණය කිරීම, සහ තවත් සොරකම් කීපයක් සම්බන්ධයෙන්චෝදනාවන් ඇති බව පොලීසිය කියයි.
මෑතකදී මුගුණුවටවන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියකටද මොහු සම්බන්ධ බවට පොලීසිය විසින් හදුනා ගෙන ඇත. ඒ අනුව මොහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදු කරමින් සිට ඇත.
වෙඩි තබා ගස් ස්ථානයේ තිබී මෙරට නිපදවන ලද බෝර 12 ගිනි අවියක්, ජීව පතුරම් 02 ක්ද හිස් පතුරම් කොපුවක්ද තිබී පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු හෙරෝයින් මත් කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවට සලකුණුද ඔහු සිය දිවි හානි කරගත් නිවසේ තිබූ ඇතැම් දේවල් අනුව පෙනී යන බව පරීක්ෂණ සිදු කරන නිලධාරීන් කියයි.
සිද්ධිය වූ ස්ථානයට හලාවත අතිරේක දිස විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්තද මෙල් මෙල් 30 වැනිදා රාත්‍රීයේම පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදි.
මිය ගොස් ඇති අයගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ණය කර අධිකරණයට වාර්තා කරන ලෙස මාදම්පේ පොලීසියට නියෝග කළේය.

හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්දන අතුකෝර,සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මාදම්පේ පොලිස් ස්ථානාධිපති ජේ.එම්.පී.සී.ජයලත්,උප පොලිස් පරීක්ෂක විජේබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels