එස්.එෆ්. ලොකූ සමඟින් ගත්ත ෆොටෝ එක ගැන
හිටපු ඇමති තිස්ස කථාකරයි - Audio
‘‘ඒක අහම්බෙන් ගත්ත එකක් වෙන්න ඇති‘‘
අනුරාධපුර සමාජශාලාවකදී ඝාතනය කළ වසන්න සොයිසාගේ ඝාතනයට සම්බන්ද ප්‍රධාන සැකකරු වන එස්.එෆ්. ලොකූ සමඟින් ගත් හිටපු ඇමතිවරයෙකු වූ තිස්ස කරල්ලියද්දගේ ඡායරූපයක් අන්තර්ජාලයේ පළවීමත් සමඟින් ඒ සම්බන්ධයෙන් විවිධ පුවත් මැවෙන්නට වුණා.

ලොකූට දේශපාලන හස්තයක් ලෙසින් ඔහු ක්‍රියාකරන බවටද පැවසුනත් මෙහි සත්‍ය තොරතුරු දැනගැනීමට හිරු ගොසිප් අප තිස්ස කරල්ලියද්ද මහතා සම්බන්ධ කරගත්තා. ඔහු පැවසුවේ මෙම පිරිස් දැන හැඳිනගෙන සිටියත් ඔවුන් සමඟින් තමන්ට ලොකු සම්බන්ධයක් නොතිබූ බවයි.
තමන්ට එක් තරුණයෙක් දේශපාලන වශයෙන් උදව් කළ බවත් එස්.එෆ් ලොකූ ඇතුළු පිරිස එම තරුණයාගේ මිතුරන් බවත් ඔහු පවසා සිටියා.
ෆේස්බුක් ඔස්සේ පළවන්නේ යම් අවස්ථාවක ලොකූ විසින් අහම්බෙන් ගත් ඡායාරූපයක් බවද තිස්ස කරල්ලියද්ද මහතා පවසා සිටියා. එමෙන්ම තමන් මෙම සිද්ධිවලට සම්බන්ධ නොවන බවත් කිසිවෙකුට තමන් දේශපාලන රැකවල් ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා....
Post a Comment