Oct
25
හිටිගමන් අතුරුදන් වූ කතකගේ
නිරුවත් මළ සිරුරක්
පාළු නිවසකින් මතුවෙයි
පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේ පාළු නිවසක තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිස් හදිසි අනතුරු ඒකකයට ලද තොරතුරක් මත සිරුර සොයා ගෙන ඇත්තේ මියගිය කාන්තාව පදිංචි නිවසේ සිට මීටර් 100ක් දුරින් වූ පාළු නිවසක තිබියදීයි.
අදාළ කාන්තාව පසුගිය 23 වනදා රාත්‍රියේ සැමියා සමග සිය නිවසේ සිට ඇති අතර ඊයේ උදෑසන හදිසියේම අතුරුදන් වී සිටි බව පොලිසිය පවසනවා.
මියගිය කාන්තාව 50 හැවිරිදි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
source - gossip.hirufm.lk
Post a Comment