Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Attack on student protest: PM requests report  

HNDA සිසුන්ට පහරදීම ගැන 
අගමැතිගේ අණින් පරීක්ෂණයක්

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ පැවැත්වූ ශිෂ්‍ය විරෝධතාවයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපනට උපදෙස් දී තිබෙනවා.

අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව පැවැත්වූ මෙම විරෝධතාවට පොලිසිය කඳුලූ ගෑස් ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා. එහිදී තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධියේදී පොලිස් නිලධාරින් 5 දෙනෙකු ද තුවාල ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් 39 දෙනෙකු අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels