දුප්පත් පවුලක ඉපිද මහමඟ බෝතල් එකතු කර
රූ රැජිණක් වූ තරුණියකගේ
කතාව - Photos
තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිනක් වූ රූමත් තරුණියක් පිළිබඳව වන පුවතක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි වල කා අතරත් හුවමාරු වෙමින් පවතිනවා. එහි දැක්වෙන පරිදි ඇය මහමඟ පාරවල් සුද්දකරමින් ජීවත් වූ පවුලක තරුණියක් වන අතර ඇයගේ මවද දියණියගේ අනාගතය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි බවට පැවසෙනවා.
කෙසේ නමුත් 2015 වසරේ තායිලන්තයේ පැවති Miss Uncensored නම් රූ රැජිණියන් තේරීමේ තරඟයෙන් ඇය ප්රථම ස්ථානය ලබාගත් බවටද එහි දැක්වෙනවා. කුණු බාල්දිවල මෙන්ම මහමඟ වැටී ඇති බෝතල්ද එකතුකරන බවට පැවසෙන මෙම තරුණියගේ පවුල ජීවත් වී ඇත්තේද අබලන් වූ නිවසකයි.
Post a Comment